WalaKathazone
Other - අනෙකුත්

Game - 5

7 min read130 views
Game - 5 - wala katha

සති දෙකක කාලයක් කිසිදු විශේෂත්වයකින් තොරව ගෙවී ගිය අතර මේ අතර කාලයේ දී මිතුරන් නොදන්නා ක්‍රියාවලියක් යම් ස්ථානයක සිදු වෙමින් තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් සිටියේ තමන්ගේ ප්‍රධානියා සමග බරපතල සාකච්ඡාවක.

චීෆ්, මේ තියෙන්නෙ සම්පූර්ණ වාර්තාව

නිලධාරී පිරිසෙහි සිටි එකම කාන්තා නිලධාරිනිය වට මේසයේ ප්‍රධාන පුටුවෙහි සිටි නිලධාරියාට සිය අතෙහි වූ ෆයිල් කවරය දිගු කළා. එහි වූ තොරතුරු අධ්‍යනය කිරීමට විනාඩි කිහිපයක් වැය කළ ඔහු ඉන්පසු ශරීරය සෘජුව තබාගනිමින් පුටුවේ හොඳින් වාඩිවුණා.

වෙල්ඩන් තමරා. ඔයා හොඳට ස්ටඩ් කරලා තියනවා කේසේ එක. දැන් මොකක් ද අපි ඊලගට ගන්න පියවර ? ඔහු එසේ අසමින් එහි වූ සියලුම නිලධාරීන් ගේ මුහුණු දෙස විමසිල්ලෙන් බැලූවා.

සර්. අපට මේ කේසේ එකේ දි සැකකාරයෝ අත්අඩංගුවට ගන්න ගොඩක් අමාරුවෙයි. මොක ද එතන ඉන්න හතර දෙනාගෙන් තූන්දෙනෙක් ම ලොකු සල්ලිකාර ෆැමිලිවල කොල්ලො. අපිට සෑහෙන බලපෑමක් එනවා අනිවාර්යෙන්ම.

එක් නිලධාරියෙකු තමන්ගේ අදහස ඉදිරිපත් කරද්දි අනෙක් නිලධාරීන් සිවුදෙනත් එකී නිලධාරියාගේ කතාව අනුමත කළේ සිය හිස් සොළවමින්.

අනුරාධ, අපි මොනවහරි පියවරක් නොගත්තොත් ඉස්සරහට වෙන හානිය මීට වඩා වැඩි වෙන්න පුලුවන්. මොකද මුන් දැනටමත් ස්ටෙප් හතරක් සම්පූර්ණ කරලා ඉවරයි. තව එකයි තියෙන්නෙ. වර්ජින් කෙනෙක් එක්ක ඉන්න එක.

චීෆ්, මේ වෙනකොට අප්ලෝඩ් කරපු වීඩියෝවලට දාපු කමෙන්ට්ස් බලද්දි ඊළග ස්ටෙප් එක වයලන්ස් වගේම සමහරවිට මර්ඩර් එකක් වෙන්න පුලුවන්. මොක ද ගොඩක් අය ඉල්ලලා තියෙන්නෙ වයලන්ස් සෙක්ෂුවල් හැරස්මන්ට් එක්ක මර්ඩර් එකක්.

තමාරා නැවත පැහැදිලි කිරීමක් එකතූ කළා.

ඔව් තමාරා. අපි මෙික නතර කරන්න ඕන. මුන්ට කිසිම චාරයක් නෑ. ෂික් හිරිකිතයි තමන්ගෙ අම්මා පවා හදුනන්නෙ නැති පාහරයො. ඩ්‍රන්ස්වලට මුන්ගෙ සිහිය විකල්වෙලා

ප්‍රධාන පොලිස් පරීක්ෂවරයා වූ සතරසිංහ පිළිකුලෙන් යුතුව ප්‍රකාශ කළේ පූර්වයෙහි තමා විසින් නරඹන ලද වීඩියෝවෙහි වූ දර්ශනයන් සිහිපත් කරමින්.

සැබවින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දීර්ඝ කාලයක් පුරාවට ඩාර්ක් වෙබ් සයිට් පිළිබඳ සිටියෙ විශේෂ විමසිල්ලකින්. ඒ විමසිල්ලහෙි ප්‍රතිඵලයක් විදියට තමයි විරේෂ් ඇතූලු මිතූරන් විසින් අප්ලෝඩ් කරන ලද අසභ්‍ය වීඩියෝ ඔවුන්ගේ විමර්ශනයට ලක්වුණේ. ඔවුන් ඒ පිළිබඳව දිගින් දිගටම නිරීක්ෂනය කළා වගේම අනෙකුත් වීඩියෝ අප්ලෝඩ් කිරීම් සම්බන්ධයෙන් ද විමසිලිමත් වුණා. ඔවුන්ට එහිදී පැහැදිලි වුණු එක් කරුණක් වුණේ විප්‍රේෂ්ගේ පියවර සම්පූර්ණ කරන වීඩියෝ අප්ලෝඩ් කිරීම අනෙක් අයගේ අප්ලෝඩ් කිරීමට සාපේක්ෂව වඩාත් වේගයෙන් සිදුවන බව. ඒ අනුව ඊළග පියවර සපුරන්න ඔවුන් ගන්නෙ කෙටි කාලයක් බව නිලධාරීන්හට වැටහී ගියා. නමුත් ඊට පෙර තමන් ක්‍රියාත්මක විය යුතූ බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තේරුම් ගත්තා. ඒ අනුව මෙම හදිසි රැස්වීම ඔහු විසින් කැඳවූවේ ගත යුතූ ඉදිරි පියවර පිළිබඳ සෙසු නිලධාරීන් හා සාකච්ඡා කර තීරණයක් ගැනීමට.

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් විවිධාකාරයෙන් අසභ්‍ය වීඩියෝ පටිගත කර අන්තර්ජාලයට මුදාහැරීමෙන් ඔවුන් විසින් සමාජයට කරන අහිතකර බලපෑම හා එකී වීඩියෝ නැරඹීමෙන් අසහනයට පත්වන තරුණ මෙන්ම බාල හා මහලු පිරිස් විසින් කාම අපරාධ කිරීමට පෙළඹීම සමාජයේ වසංගතයක් වන තරමටම වර්ධනය වූ තත්වයක් වුණා. මෙවැනි අසභ්‍ය දර්ශන නරඹා ඒවා අත්හදා බැලීමට ගොස් විනාශ වූ තරුණ ජීවිත බොහොමයක් අවසානයේ නතර වී තිබුණෙ සිරගෙවල්වල, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල, තවත් සමහර ජීවිත අකාලයේ පොලෝ ගැබෙහි වැළලි ගොස් තිබුනා.

සියල්ල අවසානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තීරණය කළේ අධිකරණ නියෝගයක් ලබා ගෙන විරේෂ් ඇතුලු පිරිස අත්අඩංගුවට ගන්න. තමන්ට කිරීමට සිදුවන කාර්යය කෙතරම් අබියෝගාත්මක ද තමාට එල්ල වන බලපෑම් කෙතරම් ද යන්න ඔහු මනාව දැන සිටියා. නමුත් කෙතරම් බලපෑම් එල්ල වුණත් මෙම සමාජ ව්‍යසනයෙන් තරුණ ජීවිත කෙසේ හෝ බේරා ගැනීමට ඔහු අධිෂ්ඨාන කරගෙන හිටියෙ.

අනුරාධ උසාවි නියෝගයක් අරගන්න මුන්ව අත්අඩංගුවට ගන්න. ඊට පස්සෙ වෙන දෙයක් ඒ වෙලාවට බලාගමු.

පොලිස් පරීක්ෂකවරයා සිය අවසන් තීරණය සෙසු නිලධාරීන්හට දැනුම් දුන්නා.

වරෙන්තු පිටපත් සමග මිතුරන් එකිනෙකාගේ නිවෙස්වලට ගිය පොලිස් නිලධාරීන්හට පෙරදී නිගමනය කළාක් මෙන්ම ඔවුන්ව අත්අඩංගුවට ගැනීම එතරම් පහසු කාර්යයක් වුනේ නැහැ. අවම ප්‍රතිරෝධයක් සෙනේෂ්ගේ නිවසින් ඔවුන්හට එල්ල වන විට වැඩිම ප්‍රතිරෝධය විෂ්ගේ නිවසින් එල්ල වුණා. නමුත් පොලිස් පරීක්ෂක සතරසිංහ කිසිදු අවස්ථාවක පසුබට වූයේ හෝ කිසිදු පැකිළිමක් සිදුකළේ නැහැ සැකකරුවන් නීතීයේ හස්තයට හසුකර ගැනීමට.

අත්අඩංගුවට ගැනීමෙන් පසු මිතුරන් සිවුදෙනා රඳවා තැබුණු විශේෂ මෙහෙයුම් කාමරයට පොලිස් පරීක්ෂක සතරසිංහ සමග ඇතුලු වුණේ තමාරා සමග. තමාරා එහි වූ හිස් අසුන් දෙකෙන් එකකට බරවතේදී පොලිස් පරීක්ෂක සතරසිංහ මිතූරන් සිවුදෙනා වාඩි වී සිටි අසුන්වටා ඇව්ද ගියේ වඩාත් හොඳන් ඔවුන්ව නිරීක්ෂණයට ලක්කරමින්. අවසානයේ ඔහුත් ඉතිරි වූ අසුනේ අසුන්ගත්තා. මිතූරන් සිවුදෙනා කිසිවක් නොකියා එකිනෙකාගේ මුහුණු දෙස බලමින් සිටියේ ඊළගට සිදුවන්නේ කුමක් ද යන්න සිතාගත නොහැකිව.

තමුන්ල දන්නව ද තමුල ඇරෙස්ට් කළේ ඇයි කියලා ?

ඔව් විරේෂ් පිළිතුරු දුන්නා.

තමුන් කරපු වරදෙ බරපතලකම දන්නව ද?

ඒක කොහොම ද බරපතල වරදක් වෙන්නේ ? අපි කළේ අනෙක් මිනිස්සු කරන වගේ ම දෙයක්. සෙක්ස් කළා. වීඩියෝ කළා. අප්ලෝඩ් කළා. මොකක් ද ඒකෙ වරද ?

මිහින්ගේ හඩ උස්ව නැගුණා. ඔහු හිටියෙ දරාගත නොහැකි කේන්තියකින්.

වරද නේ ද? වරද තමයි එක කළාට කමක් නෑ. ළග තියාගත්තටත් කමක් නෑ. වෙබ් එකට දමපු එක. එකෙන් සල්ලි හොයපු එක තමයි වරද.

අපිට සල්ලිවල හිගයක් නෑ. ඔෆිසරේට කීයක් ඕන ද කියන්න ? මගෙ තාත්තා ඕන තරමක් සල්ලි දෙයි. ලක්ෂ පහක් ද ? දහයක් ද ? කීයක් ද ඕන ? ඕන තරම කියන්න, විනාඩි ගණනකින් ඒ ගොණ ඔෆිසර්ගෙ එකවුන්ට් එකට වැටෙයි.

ඩ්‍රේෂ් පවසද්දි පොලිස් පරීක්ෂක සතරසිංහගේ මුවෙහි ඇදුනේ උපහාසාත්මක සිනහවක්.

ඔව් ඔෆිසර් මගේ තාත්තාත් දේවේ. කීයක් ද ඕන ?

මිහින් කියද්දි සිතූම් ද ඒ වදනේ ප්‍රතිරාවය කළා. නමුත් සෙනේෂ් පමණක් නිහඩව සිටියේ ඔහුට එවන් හැකියාවක් නොමැති බව හොඳටම දන්න නිසා. ඒ නිහඬ බව තමාරාට වගේම සතරසිංහටත් නිරීක්ෂණය වුණා. ඒ බව සනාථ කරගනු ලැබූවේ නිලධාරීන් දෙදෙනා අතර වූ නිහඩ ඉගියකින්.

......

අනුරාධ මෙහෙයුම් කාමරයේ දෙර අසළ පෙනී සිටියෙ දුරකථනය ද අතෙහි දරාගෙන, ඔහුගේ මුහුණෙහි වූයේ කරදරකාරී ස්වරූපයක්.

ඇයි අනුරාධ ?

චීෆ්,----- ඇමතිතූමාගෙන් කෝල් එකක්. ලයින් එකේ ඉන්නවා.

අනුරාධගේ ඒ වදන් සමග සෙනේෂ් හැර අනෙක් මිතුරන් තිදෙනාගේ මුවෙහි සිනහවක් නැගුණා. විරේෂ් මිතූරන්ට දෑසින් ඉගි කළේ සියල්ල හරි කියන්න වගේ.

කෝ ගෙන්න

දුරකථනය අනුරාධගෙන් සිය සුරතට ගත් සතරසිංහ මඳක් වෙලා නොදවන දුරකථනය දෙස බලා එය විසන්දි කර දමද්දි මිතුරන්ගේ මුවෙහි නැගි සිනහව වියැකී ගියා. ඔවුන් හිතූවේ ඇමතිතූමාගේ ඇමතූම අනුව ඔවුන්ට මෙතැනින් නිදහස්ව යන්න අවස්ථාව උදා විය හැකි බව. නමුත් එකී ඇමතූම විසන්දි කිරීමත් සමග ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල විනාශ වී ගියා. දැන් තමාට කිසිදු ගැලවීමක් මේ නිලධාරියාගෙන් ලැබෙන බවට ඔවුන්ට ක්‍රම ක්‍රමයෙන් වැටහී යමින් තිබුණෙ.

චීෆ් ?

තමාරාගේ මුවෙහි ඇඳී විශ්මයාර්ථය හදුනාගත් සතරසිංහ සිනහවුණා.

ඔහුට කොහොමත් මේ දේවල් අලුත් දේවල් නොවෙයි. දශක තූනකට ආසන්න රාජකාරී ජීවිතයේ දි ප්‍රබල සමාජ සම්බන්ධතා සහිත පිරිස් අත්අඩංගුවට ගත් අවස්ථාවල ඔහුට මෙවැනි ඇමතූම් ආව වාර ගණන අනන්තයි. ඒ වගේම ඒ සෑම අවස්ථාවකම දුරකථනය විසන්ධි කිරීමට ඔහු පසුබට වුණේ නැහැ. බෙහෝ අවස්ථාවල තමන් නියැලී සිටි පරීක්ෂණයෙන් ඔහුව ඉවත් කර දුෂ්කර පළාතකට සේවා මාරුවක් ලබා දීමට ප්‍රබල දේශපාඥයන් කටයුතු කළ අවංක උසස් නිලධාරීන්ගේ රහසිගත සහය මත ඉතා කෙටි කාලයකින් නැවතත් සුපුරුදු සේවා ස්ථානයේ රාජකාරී බාර ගැනීමට ඔහුට හැකිවුණා.

හොඳයි. මට දැන් කරුණාකරල කියනව ද ඩ්‍රග්ස් ගන්නෙ කෙහෙන් ද කියලා ?

ඩ්‍රග්ස් ?

විරේෂ් බොරුවට පුදුමයක් සිය මුහුණට ආරෝපණය කරගත්තා.

අපි ඩ්‍රග්ස් පාවිච්චි කරලා නෑ කවදාවත්

පාවිච්චි කරලම නැද්ද ?

නැහැ. කවදාවත් නෑ.

විරේෂ් බෙහොම ස්ථීරව පිළිතුරු ලබා දෙද්දි සෙනේෂ් හිත යටින් සිනාසුණා. මේ වන විට සෙනේෂ්ගේ හිතේ පළිගැනීමක යම් සැළැස්මක් ගොඩ නැගෙමින් තිබුණා. විප්‍රේල්ගෙන් පළිගැනීමේ අභිලාෂය ඔහුගේ යටි හිත මේ වෙලාවේ ඔහුට සැළැස්මක් මතක් කරමින් සිටියෙ. ඒ අනුව තමන් කළ යුතූ මොකක් ද යන්න ඔහු තීරණය කලා.

පාවිච්චි කරලා නැත්නම් මේ මොනව ද මේ ?

සතරසිංහගේ ඉගියට අනුව තමාරා මේසය උවින් ලැප්ටොප් යන්ත්‍රයක් තබා එහි වූ වියෝ කිහිපයක් දර්ශනයවීමට සැළැස්වූවා. එහි වූයේ මිතුරන් නිසංසලා හා එක්වීමට පෙර දිවයට ඩ්‍රග්ස් ස්ටිකර් තබා ගත් දර්ශනය. ඉන්පසු දිස්වූයේ තම මව හා එක්වීමට පෙර විග්‍රේෂ් ඩ්‍රග්ස් ස්ටිකරය මුවෙහි රුවා ගන්නා ආකාරය. එකී දසුන මනාව කැමරාවෙහි සටහන් වී තිබුණෙන් විරේෂ්ට දිය හැකි පිළිතුරක් සිතාගත නොහැකි වුණා.

ඩ්‍රග්ස් ගන්නෙ කෙහෙන් ද ?

සතරසිංහගේ පැනයට කිසිවකු පිළිතූරු ලබා දුන්නේ නැහැ. කොහොමත් ඒ පැණයට එකවර පිළිතුරු නොලැබෙන බව අත්දැකීමෙන් ඔහු දැන සිටියා.

දන්නෙ නැහැ

කවුද ඩ්‍රගේග්ස් විකුණන්නෙ ?

දන්නෙ නැහැ

කොහන්ද මේ ඩ්‍රස් ස්ටිකර් ගෙන්නන්නෙ ?

දන්නෙ නැහැ

සතරසිංහ බෙහොම උපේක්ෂාවෙන් ප්‍රශ්න කළත් සිතූම්, මිහින් හා විරේෂ් ඒ කිසිදු පැනයකට දුන්නෙ දන්නෙ නැහැ කියන එකම පිළිතූර. මේ සියලූ ප්‍රශ්න කිරීම් අතරෙ සෙනේගෙ මුණිවත රැකීම හා ඔහුගේ මුහුණේ වෙනස්වන ඉරියව් ගැන නිලධාරීන් දෙදෙනාම නිහඩව නිරීක්ෂණය කළේ සෙනේෂ්ටත් නොදැනීම.

හොඳයි. තමුල කිසි කෙනෙක් මගේ එකම ප්‍රශනෙකටවත් උත්තර දෙන්න කැමති නැහැ නෙ. දැන් එළියට යන්න පුලුවන්. හෙට උසාවියෙ දි හමුවෙමු. තමාරා මේ අයව ලොක් අපේ එකට දාන්න එපා. බංකුවෙන් වාඩි කරලා තියන්න. කන්නත් මොනවහරි දෙයක් දෙන්න.

සතරසිංහ හිසින් තමාරාට සංඥාවක් දුන්නා. විරේෂ්, මිහින් හා සිතූම් වහාම අසුන්වලින් නැගී දොර දෙසට පිටත් වුණත් සෙනේෂ් නැගිට්ටෙ සියලු දෙනාටම පසුව. මිතුරන් තිදෙනා දොරින් පිටවූ වහාම සතරසිංහ සෙනේෂ්ගේ අතින් අල්ලා නවතා ගත්තා.

සෙනේෂ්, ඇත්ත කියන්න කැමති ද ?

ඔහු සෙනේෂ්ගේ දෑස් දෙස සෘජුව බලාගෙන විමසද්දි සෙනේෂ් නිහඩව හිස සෙළවූවා. සෙනේෂ්ගේ මුවෙහි ඇඳී ගිය මඳ සිනහවෙහි වූ පලිගැනීමක සංතෘප්තිය සතරසිංහට හෝ තේරුම් ගත නොහැකි එකක් වූවා.

සෙනේෂ්ගේ පාපොච්ඡාරණය සමග විරේෂ් ඇතුලු මිතුරන් සියලු දෙනාගේ නිත්‍ය විනෝදස්ථානයක් වූ සමාජ ශාලාව පොලිසිය විසින් වැටලීමට ලක් කර විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග බොහෝ පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා. එකී වැටලීම් ව්‍යවර්ථ කිරීමට බොහෝ දේශපාලන ප්‍රබලයන් උත්සාහ කළ නමුත් අවංක උසස් පොලිස් නිලධාරීන්ගේ සහයෙන් සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට සතරසිංහට හැකි වුණා. ඒ වගේම විරේස්ගේ කාමරයෙහි වූ රහසිගත කැමරා ආදාය ද පොලිසියේ අත්අඩංගුවට පත් වුණා.

විරේෂ් ඇතුලු මිතුරන් සිවු දෙනා වයස අවුරුදු දහඅටට අඩු පුද්ගලයන් වූ නිසා අධිකරණය විසින් ඔවුන් පුනරුත්ථාපනයට යොමු කරන ලෙස නියෝගයක් ලබා දුන්නා. නමුත් ඉතාමත්ම ශෝකජනක හා භයානකම පණිවුඩය ආවේ මිතූරන්ගේ ලේ පරීක්ෂා කරමින් එවන ලද වෛද්‍ය වාර්තාව සමග. ඒ මිතුරන් සියලු දෙනාම ඒඩ්ස් රෝගවාහකයන් බවට එහි වූ සඳහනින්. සමාජයට වැඩදායී සමාජයට යහපතක් කරන්න තිබූ තරුණ ජීවිත හතරක ඉරණම දෛවය විසින් විසඳලා තිබුණෙ ඒ ආකාරයට.