" දැන් තමයි අමාරුම එක තියෙන්නේ. තාරුණි. එයා දැන් හොඳටම අවුල් වෙලා ඉන්නේ. හෙට උඹ ඇතුලට එද්දී, ශෂිනිගේ අතින් අල්ලගෙන වරෙන්. එතකොට තමයි නියම show එක පටන් ගන්නේ."
ඊළඟ දවසේ උදේ මම campus එකට ගියේ හිතේ ලොකු බරක් තියාගෙන. එක පැත්තකින්, මම ශෂිනිට කරපු දේ ගැන මට තිබ්බේ ලොකු වරදකාරී හැඟීමක්. අනිත් පැත්තෙන්, තාරුණිව දිනාගැනීමේ සෙල්ලමේ ඊළඟ පියවර ගැන මගේ හිතේ තිබ්බේ කුතුහලයක්.
මම ඊයේ රෑ ශෂිනිව එයාගේ ගෙදර ළඟින් drop කරපු තැනින්ම pick-up කරගත්තා. එයා කාර් එකට නගිද්දී, එයාගේ මූණේ තිබ්බේ ලැජ්ජාවයි, සතුටයි දෙකම කලවම් වෙච්ච අමුතුම හැඟීමක්. එයා මගේ දිහා කෙලින් බලන්නෙත් නෑ.
" ගුඩ් මෝනිං," මම කිව්වේ හිනාවක් දාලා.
"ගුඩ් මෝනිං
Campus එකට යනකල්ම අපි දෙන්නා වැඩිය කතා කරේ නෑ. මම කාර් එක car park එකේ නවත්තලා, එයා දිහාට හැරුනා.
"ශෂිනි... ඊයේ..."
"කමක් නෑ සහන්," එයා මගේ කතාව අතරමග නැවැත්තුවා. "ඔයා... ඔයා මාව දාලා යන්නේ නෑ නේද?"
එයාගේ ඒ ප්‍රනෙට මගේ හිත කීරි ගැහිලා ගියා. "නෑ. මම දාලා යන්නේ නෑ," මම බොරුවක් කිව්වා.
මම කාර් එකෙන් බැහැලා, එයාගේ පැත්තට ගිහින් දොර ඇරියා. එයා බැස්සට පස්සේ, මම හෙමින් එයාගේ අතින් අල්ලගත්තා. එයා ගැස්සිලා ගියා. එයාගේ පුංචි අත මගේ අත ඇතුලේ වෙව්ලනවා.
" යමුද?" මම ඇහුවා.
එයා ඔලුව වැනුවා.
අපි දෙන්නා අත් අල්ලගෙන canteen එක පැත්තට ඇවිදන් ගියා. හැමෝගෙම ඇස් අපි දෙන්නා දිහා. මට ඇහුනා කොල්ලො ටික "ෂා... සහන් අලුත් කෑල්ලක් දාගෙන" කියලා කුටු කුටු ගානවා.
අපි canteen එකට ඇතුල් වෙද්දීම, මම දැක්කා කෙල්ලො සෙට් එක එකම මෙසේ වාඩි වෙලා ඉන්නවා. තාරුණි, නෙත්මි, ඉමේෂා, චමෝදි. මම ශෂිනිගේ අතින් අල්ලගෙන ඉන්නවා දැක්ක ගමන්, තාරුණිගේ අතේ තිබ්බ කෝපි කෝප්පේ මේසේ උඩින් තිබුනේ 'ස්ටොක්' ගාන සද්දයක් එන්න.
එයාගේ මූණ ගල් වෙලා. ඇස් දෙකේ තිබ්බේ පුදුමයක් වගේම තරහක්.
නෙත්මි මගේ දිහා බලලා, යන්තමට හිනාවක් දැම්මා. ඉමේෂයි චමෝදියි දෙන්නා මූණට මූණ බලාගෙන, පුදුමයෙන් වගේ අපි දිහා බලාගෙන හිටියා. එයාලා දන්නවා ඊට දවස් කීපයකට කලින් රෑ මම එයාලා දෙන්නත් එක්ක හිටියා කියලා. දැන් මම ශෂිනිගේ අතින් අල්ලගෙන. එයාලට මේක පිස්සුවක් වගේ ඇති.
මම ශෂිනිවත් එක්කගෙන කෙලින්ම ගියේ එයාලගේ මේසේ ළඟට
"ගුඩ් මෝනිං," මම කිව්වේ කිසිම ගාණක් නෑ වගේ.
කවුරුත් උත්තර දුන්නේ නෑ.
" අපි දෙන්නට වාඩි වෙන්න පුටු දෙකක් නැද්ද ? " මම ඇහුවා.
"මෙතන ඉඩ නෑ," තාරුණි කිව්වේ සීතල කට හඬකින්.
" ආ... එහෙමද? කමක් නෑ. අපි වෙන තැනක වාඩි වෙමු " මම එහෙම කියලා, ශෂිනිවත් ඇදගෙන වෙන මේසෙකට යන්න හැරුනා.
"නවතින්න!" තාරුණි නැගිට්ටා. " ශෂිනි, මට ඔයා එක්ක තනියම කතා කරන්න ඕන. "
ශෂිනි ගැස්සිලා, බයෙන් මගේ දිහා බැලුවා.
"එයාට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ තාරුණි" මම කිව්වා.
"මම කතා කරේ ඔයත් එක්ක නෙවෙයි සහන්. මම කතා කරේ ශෂිනිත් එක්ක " තාරුණි කිව්වේ දත්මිටි කන ගමන්. "ශෂිනි. එනවද නැද්ද?"
ශෂිනි අසරණ වෙලා. එයාට එක පැත්තකින් තාරුණිට බයයි. අනිත් පැත්තෙන් මට අකීකරු වෙන්නත් බෑ.
" යන්න ශෂිනි," මම හෙමින් කිව්වා. " ගිහින් එයා කියන දේ අහන්න. බය වෙන්න එපා. මම මෙතන ඉන්නවා."
ශෂිනි වෙව්ලන අඩි වලින් තාරුණි ළඟට ගියා. "එන්න මාත් එක්ක," තාරුණි එහෙම කියලා, ශෂිනිගේ අතින් ඇදගෙන වගේ canteen එකෙන් එලියට ගියා.
නෙත්මි මගේ ළඟට ආවා. " දැන් තමයි නියම show එක පටන් ගන්නේ. තාරුණි හදන්නේ ශෂිනිව බය කරලා, උඹෙන් ඈත් කරන්න. ඒක හරියන්නේ නෑ. ශෂිනි දැන් ඉන්නේ උඹේ පැත්තේ. මේකෙන් වෙන්නේ තාරුණි තවත් පිස්සු වැටෙන එක විතරයි.'
"ඊට පස්සේ?"
" ඊට පස්සේ... වෙන දේවල් පස්සේ බලමුකෝ. මම පොඩ්ඩක් තාරුණී ඉන්න පැත්තට යන්නම් මොකද වෙන්නේ බලන්න." කියලා නෙත්මිත් එලියට ගියා.
විනාඩි දහයක් විතර ගියා. Canteen එකේ හිටපු හැමෝගෙම ඇස් තිබ්බේ මගේ දිහා. මම ශෂිනියි තාරුණියි දෙන්නා ගිය පැත්ත දිහාම බලාගෙන හිටියේ නොසන්සුන්ව. නෙත්මි කියපු දේ ඇත්ත වුනත්, ශෂිනිට මොනවා හරි කරදරයක් වෙයිද කියලා මගේ හිතේ කොනක පොඩි බයක් තිබ්බා.
"දන්නේ නැද්ද බන් ඉතින් කෙල්ලො.. මෙන්න මෙහෙන් වාඩි වෙලා මොනා හරි කාපන් " එහෙම කිව්වෙ චමෝදි. මම හෙමීට එයාලා හිටපු තැනින් වාඩි උනා.
"කොල්ලත් මාර වැඩ කාරයෙක් ආහ්.." ඉමේෂ එහෙම කිව්වේ මම දිහා බලලා ඇහැක් ගහලා.
"උබ ශෂිනි එක්ක සීරියස් නැත්තන් අපේ ප්‍රොජ්ජෙක්ට් එකේ තව වැඩ ටිකක් තියනවා කරන්න. නේද ඉමේෂ" කියලා චමෝදි මම දිහා බලලා ඉමේෂට කියලා හිනා උනා. ඒකට මොනවත් කියන්න කලින්.
එක පාරටම ශෂිනි canteen එක ඇතුලට ආවා. එයා දුවගෙන වගේ ආවේ. එයාගේ මූණ සුදුමැලි වෙලා, ඇස් දෙක කඳුළු වලින් පිරිලා. එයා මගේ ඉස්සරහට ඇවිත් නැවතුනේ නෑ. මාව පහු කරගෙන, කෙලින්ම ගිහින් එයාගේ බෑග් එකත් අරගෙන, canteen එකෙන් එලියට දිව්වා.
"ශෂිනි!"
මම කෑ ගැහුවත් එයා නැවතුනේ නෑ. ෂිට්. තාරුණි මොනවා කිව්වද?
මම නැගිටලා එලියට යන්න හදද්දීම, තාරුණි ඇතුලට ආවා. එයාගේ මූණේ තිබ්බේ ජයග්‍රාහී, හිතුවක්කාර හිනාවක්. එයා කෙලින්ම ආවේ මගේ මේසේ ළඟට.
"පේනවා නේද? අහිංසක කෙලොන්ට ඔයාගේ සෙල්ලම් දරා ගන්න බෑ සහන් " එයා කිව්වේ හරිම සන්සුන්ව.
" ඔයා එයාට මොනවද කිව්වේ?" මම ඇහුවේ තරහෙන්.
" මම? මම මුකුත් කිව්වේ නෑ. මම එයාට ඇත්ත පෙන්නලා දුන්නා විතරයි. ඔයා එයාව පාවිච්චි කරනවා විතරයි කියලා මම එයාට කිව්වා. ඔයාගේ ඇත්ත ඕනකම මම නෙවෙයිද කියලා ඇහුවා. එයාට ඒක තේරුම් ගන්න ටිකක් වෙලා ගියා. ඒත් අන්තිමට තේරුම් ගත්තා " එයා කිව්වේ මගේ ඇස් දිහාම බලාගෙන.
"උබලා එහෙනම් ඕක බේරුමක් කරගනින්. අපිට වැඩ තියනවා. අපි එහෙනම් යනවා" කියලා චමෝදියි, ඉමේෂයි එතනින් ගියා.
මගේ ඇඟම රත් වෙලා තිබ්බේ. "තාරුණි..."
" ඔව්. මම තමයි. ඔයා හිතුවද ඔයාට මාව පරද්දන්න පුළුවන් කියලා? මම තමයි හැමතිස්සෙම දිනන්නේ සහන් " එයා කිව්වේ මගේ මේසෙට අත් දෙක තියලා, මගේ මූණට ලං වෙන ගමන්. "දැන් ඔය සෙල්ලම් ඉවරයි. ඔයාට ශෂිනිව පාවිච්චි කරන්නේ මට ලං වෙන්න නේ. එහෙම ඕනි නැ. මටත් ඕන ඔයාව. අපි දෙන්නා අතරට වෙන කවුරුත්ම ඕන නෑ."
එයාගේ ඒ වචන වලට, ඒ බැල්මට, මගේ හිතේ තිබ්බ තරහ කොහෙන් ගියාද දන්නේ නෑ. ඒ වෙනුවට ආදේශ වුනේ ආයෙමත් ඒ පරණ ආසාව. මේ කෙල්ල මාව පිස්සු වට්ටනවා.
"මම නෙවේ. ඔයානේ මගෙත් එක්ක සෙල්ලන් කරන්නේ. අනික ඔයාට boyfriend කෙනෙක් ඉන්නවානේ. ඉතින් මම ශෂිනි එක්ක යාලු උනාම ඔයාට මොකද?" මම තාරුණිගෙන් ඇහුවා.
"ඔව් boyfriend කෙනෙක් හිටියා. ඒත් දැන් නෑ. මම එයා එක්ක break-up වුනා. අද උදේ" තාරුණී කිව්වේ කිසිම ගාණක් නැතුව.
මම ගල් ගැහිලා වගේ එයා දිහා බලාගෙන හිටියා.
" ඔයාට විශ්වාස නැත්තන් අද හවස මගේ ගෙදර එන්න" එයා කොඳුරුවා. "අම්මලා නෑ. අපි දෙන්නා විතරයි. එතකොට මම ඔයාට මගේ ඇත්ත පෙන්නන්නම්.''
එයා එහෙම කියලා, මගේ කම්මුලට හීන් kiss එකක් දීලා, හිනාවෙවී යන්න ගියා.
මම එතන වාඩි වෙලා හිටියේ මොනවා වුනාද කියලා හිතාගන්න බැරුව. එක පැත්තකින්, මම දිනුවා. තාරුණි දැන් සම්පූර්ණයෙන්ම මගේ. අනිත් පැත්තෙන්, මම ශෂිනිගේ හදවත කඩලා දැම්මා.
මම ෆෝන් එක අරගෙන බැලුවා. නෙත්මිගෙන් message එකක් ඇවිත්.
"Congratulation. ශෂිනි ගැන බය වෙන්න එපා. මම බලාගන්නම්. දැන් ගිහින් උඹේ prize එක අරගනින්. හැබැයි මතක තියාගනින්, උඹ මට ණයයි කොල්ලෝ."
මම ෆෝන් එක off කරලා මේසේ උඩින් තිබ්බා. මගේ ඔලුව අවුල් වෙලා. මම දිනුවද? පැරදුනද?
ඒත් අද හවස තාරුණිගේ ගෙදරදී මොනවා වෙයිද කියලා හිතද්දි, ඒ හැම ප්‍රශ්නයක්ම යටපත් වෙලා, මගේ ඇඟ පුරාම අමුතුම උණුසුමක් පැතිරිලා ගියා.
මතු සම්බන්ධයි...
by GayanXY






